Monday, March 10, 2025

General line - 0115112241

ඩී එස් රථ පෙළපාළිය සහ සංගීත ප්‍රසංගය සැප්තැම්බර් 07



කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ රථ පෙළපාළිය සහ සංගීත ප්‍රසංගය මෙවරද අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර තිබෙනවා.

එය පැවැත්වෙන්නේ සැප්තැම්බර් 07 වනදායි.

මෙවර රථ පෙළපාළිය සහ සංගීත ප්‍රසංගය සංවිධාන කරනු ලබන්නේ ඩී එස් සේනානායක විද්‍යාලයේ 90 ආදිශිෂ්‍ය කණ්ඩායමයි.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති මයුර අමරසිංහ මෙම අදහස් පළ කළා.

එහිදී කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ උප සභාපති ලසන්ත විතාරන ද අදහස් පළ කළා.