Thursday, April 10, 2025

General line - 0115112241

ඉහළ ගිය පුවක් මිලේ බලපෑම බුලත් විටටත්

රංජිත් රාජපක්ෂ



වෙළඳපොළේ පවතින ඉල්ලුමට සරිලන අමු පුවක් නොමැති වීම හේතුවෙන් පුවක් ගෙඩියක මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අමු පුවක් ගෙඩියක තොග මිල රුපියල් 20 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වෙළඳුන් පවසන්නේ.

අමු පුවක් ගෙඩියක් රුපියල් 22ත් 25ත් අතර මිලකට අලෙවි වනවා.

මඩ පුවක් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 10ත් 18ත් අතර මිලකට බවයි එම වෙළඳුන් පැවසුවේ.

මේ අතර පුවක් මිල ඉහළ යාම හමුවේ සාමාන්‍ය බුලත් විටක මිල රුපියල් 60ත් 80ත් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වෙළඳුන් පවසන්නේ  පුවක් මිල ඉහළ යාම නිසා සිය වෙලදාම ද පහල වැටි ඇති බවයි.