Tuesday, March 11, 2025

General line - 0115112241

රාජ්‍ය සම්පත් අවභාවිතය ගැන කතා කරන්න රජයේ ඉහළ නිලධාරින් හෙට කොමිසම හමුවට



ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය සම්පත් අවභාවිත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ ඉහළ නිලධාරින් හෙට දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

ඒ අනුව අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ලේකම්වරුන්, රජයේ ආයතනවල සභාපතිවරුන් ඇතුළු පිරිසක් එලෙස කැඳවා ඇති බවයි මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර අද පැවති සාක්ච්ඡාවේදී මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.