Tuesday, March 11, 2025

General line - 0115112241

ක්ලබ් වසන්ත ඝාතනය මෙහෙයවූ බව කියන ලොකු පැටී බෙලරුසයේ බන්ධනාගාරයක බවට වාර්තා



බෙලරුස් රාජ්‍යයේ ගුවන් තොටුපලකදි අත්අඩංගුවට ගත් පාතාල කල්ලි නායක සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී එරටදී බන්ධනාගාර ගත කර ඇති බවට වාර්තා වනවා.

එරට අධිකරණය ලබාදුන් නියෝගයක් මත ලොකු පැටී මාසයක කාලයක් බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වුණේ.

අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියදී ක්ලබ් වසන්ත ඝාතනය කිරීම මෙහෙයවීමට අදාළව ලොකු පැටීට චෝදනා එල්ල වනවා.  

එමෙන්ම දකුණු පළාත කේන්‍ද්‍ර කර ගනිමින් සිදුවූ මනුෂ්‍ය ඝාතන රැසක් මෙහෙයවා ඇත්තේද ලොකු පැටී බවටයි පැවසෙන්නේ.

ලොකු පැටී දිවයිනට රැගෙන ඒම සදහා මෙරට ආරක්‍ෂක අංශ කටයුතු කරමින් සිටියදීයි එලෙස බන්ධනාගාරගත කර ඇත්තේ.

කෙසේවෙතත් එරට අධිකරණයෙන් ලබාදුන් දඩුවම අවසන්වීමෙන් පසුව ලොකු පැටී දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

මේ අතර බෙලරුස් රාජ්‍යයේ වෙනත් ස්ථානයකදි අත්අඩංගුවට ගනු ලැබූ පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්, රොටුඹ අමිල ඇතුළු සිව්දෙනාගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බවද වාර්තා වුණා.

එරට විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් එලෙස ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකා පොලීසිය ජාත්‍යන්තර පොලීසිය හමුවේ සිදුකල පැමිණිලි හමුවේ මෙම පිරිස පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.

කංජිපානි ඇතුළු එම සිව් දෙනාද දිවයිනට රැගෙන ඒමට ආරක්‍ෂක අංශ්‍ය අවශ්‍ය කටයුතු කරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.