Friday, April 11, 2025

General line - 0115112241

ජනපතිවරණයට එන ෆොන්සේකා වෙනුවෙන් ඇප මුදල් බඳී.



ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.              

ඒ, වෘත්තීයවේදී ධම්මික රත්නායක විසින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට නියමිතයි. 

මේ අතර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද විමසීමට අදාළ අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා.