Tuesday, March 11, 2025

General line - 0115112241

ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් ගණන 17ක් දක්වා ඉහළට



ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කළා.

ඒ, වෘත්තීයවේදී ධම්මික රත්නායක විසින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට නියමිතයි. 

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රීක්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සිරිපාල අමරසිංහ වෙනුවෙන් ද ඇප මුදල් තැන්පත් කෙරුණා.

ඒ, ඒකාබද්ධ ස්වාධීන වෘත්තීය සමිති කේන්ද්‍රය විසින්.

ඒ අනුව මේ දක්වා ජනාධිපති අපේක්ෂකයන් 17 දෙනෙකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසූවේ.

ඇප මුදල් තැම්පත් කළ  අපේක්ෂකයන් 17 දෙනා  පහතින්