Tuesday, March 11, 2025

General line - 0115112241

රාජ්‍ය ඇමති ශෙහාන්ගෙන් පොහොට්ටුවේ මහ ලේකම්ට ලිපියක්



කෙසේවෙතත් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ගත් යෝජනාවට පාක්ෂකියන් හා තමන් බැඳී නොසිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් වෙත ලිපියක් යොමු කරමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියා.

තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙන බවට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මීට පෙර ප්‍රකාශ කළා.

ඒ අනුව ගනු ලබන කිසියම් විනය ක්‍රියාමාර්ගයට විරුද්ධව කටයුතු කරන බවටත් රට ඉදිරියේ පවතින අභියෝග හමුවේ නිවැරදි තීන්දු තීරණ ගැනීමට පසුබට නොවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා යැවූ එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා.