Tuesday, March 11, 2025

General line - 0115112241

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කෙරේ



ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කර තිබෙනවා.

එම අයදුම්පත් භාර ගැනීම අද මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිතව තිබුණා.

ඒ අනුව තැපැල් අයදුම්පත් භාර ගැනීම ලබන 09 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබාදිය හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

අදාළ තැපැල් අයදුම්පත් භාර ගැනීම, තැපෑලේදී සිදුවිය හැකි ප්‍රමාදවීම් සහ කොමිෂන් සභාව වෙත කරණූ ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් එලෙස දිනය දීර්ඝ කළ බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ.