Friday, April 11, 2025

General line - 0115112241

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති දැයෙන් සමුගනි



අපවත්වී වදාළ කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමියන් මීට නොබෝ වේලාවකට පෙර දැයෙන් සමුගත්තා.

ඒ, ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබූ උන්වහන්සේගේ දේහය රැගත් පෙරහැර විහාරස්ථානය ඉදිරිපිට පිහිටි භූමිය වෙත රැගෙන ඒමෙන් අනතුරුවයි.

එම අවස්ථාවට ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියා. මේ එහිදී අදහස් දැක්වූ ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරි කිරින්දේ අස්සජි හිමියන්.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ගංගාරාම පොඩි හාමුදුරුවන් කළ මෙහෙවර සම්බන්ධයෙන් අදහස් පල කළා.


මේ එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.