Tuesday, March 11, 2025

General line - 0115112241

භද්‍රානි ජයවර්ධන සහ කිත්සිරි රාජපක්ෂට එරෙහිව ගොනුකල පෙත්සම සලකා බැලීම කල් යයි

උදය කුමාර



අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන සහ කොළඹ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ යන අයට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රාණී ජයවර්ධන සහ  කොළඹ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ යන අය අධිකරණයේ පෙනී සිටියා.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ කොළඹ නගර සභා අපේක්ෂකයෙකු වන අජිත් පෙරේරා විසින්. 
මෙම සිද්ධියට සම්බන්ධ සියලු පාර්ශව කැඳවා ගැටළුව සමථයට පත්කර ගැනීමට කටයුතු කරන ලෙස අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිවයට නියෝග කළා.

පෙත්සම ඔක්තෝබර් මස 22 වනදා යළි කැඳවන ලෙසත් මෙහිදී නියෝග කෙරුණා.