Thursday, March 13, 2025

General line - 0115112241

මැතිවරණ කොමිසමෙන් අපේක්ෂකයන්ට දැනුම් දීමක්



ඉදිරි ජනාධිපතිවරණය සඳහා මේ දක්වා අපේක්ෂකයින් 29 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

හම්බන්තොට පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු පැවසුවේ පසුගිය ජනාධිපතිවරණය සඳහා ද අපේක්ෂකයින්  42 දෙනෙකු පමණ ඇප මුදල් තැන්පත් කළ බවයි.


ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයින් ලබන 15 වනදායින් පසු මැතිවරණ ව්‍යාපාරවල යෙදීමේදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මෙහිදී පැහැදිලි කළා.