Thursday, March 13, 2025

General line - 0115112241

ජනාධිපතිගේ වැඩ පිළිවෙලට සියලු දෙනාගේ සහයෝගය ලබා දිය යුතු බව ශෙහාන් සේමසිංහ කියයි



ජනාධිපතිවරණය සහ ඉදිරි දේශපාලන තත්ත්වයන් සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන වේදිකාවල විවිධ අදහස් පළ වනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අනුරාධපුරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩ පිළිවෙලට සියලු දෙනාගේ සහයෝගය ලබාදිය යුතු බවයි.


ස්ථිර වශයෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වන බව ගාල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසනවා.


පවතින පාලනය මාරු කරමින් ජනතාව ගැන සිතන නායකයෙක් පත්කර ගත යුතු බවයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් පැවසුවේ.