Thursday, March 13, 2025

General line - 0115112241

අනුර නාම යෝජනා පත්‍රයට අද අත්සන් තබයි



ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින්  නාම යෝජනා සඳහා අත්සන් තැබීම අද සිදු කරනවා.

එම පක්ෂයේ විධායක සභික නීතිඥ සුනිල් වටගල පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද උදෑසන 09.30ට එළඹෙන සුබ නැකතින් එලෙස නාම යෝජනා පත්‍රයට අත්සන් තැබෙන බවයි.


ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් ගම් මට්ටමේ දේශපාලන වැඩපිළිවෙලක් මේවන විටත් ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් පැවසුවා.