Thursday, March 13, 2025

General line - 0115112241

ග්‍රාම නිලධාරින් යළි වර්ජනයේ



සියලුම ග්‍රාමසේවා නිලධාරින් අද සහ හෙට සේවාවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාවට විරෝධය පල කරමින් මෙලෙස සේවාවලින් ඉවත්ව එයට විරෝධය දක්වන බවයි ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ පැවසුවේ.

ඊට සමගාමීව අද දිනයේ සිට සතියක කාලයක් කළු විරෝධතා සතියක් ද සෑම දිස්ත්‍රික්කයකම සංවිධානය කර ඇති බවයි ඔහු පැවසුවේ.


විරෝධතාව පවත්වන දින දෙක තුළ මැතිවරණ රාජකාරි කටයුතුවලට කිසිදු බලපෑමක් එල්ල නොවන බවත් ඒ සඳහා සියලුම ග්‍රාම නිලධාරින් පූර්ණ සහාය ලබාදෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.