Thursday, March 13, 2025

General line - 0115112241

ජනාධිපතිවරණයට වෙන්කල මුදල කප්පාදුවකින් තොරව ලබාදෙන බව සියඹලාපිටිය කියයි



ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අයවැයෙන් වෙන්කල රුපියල් බිලියන 10ක මුදල කිසිදු කප්පාදුවකින් තොරව ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ජනාධිපතිවරණය සඳහා එම මුදල ප්‍රමාණවත් බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.


ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිතයි. ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා පත්‍ර භාර ගැනීම ලබන 15 වනදා සිදු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.