Saturday, April 12, 2025

General line - 0115112241

තරුණ තරුණියන් පිරිසක් සමඟ මහින්ද දේශප්‍රිය කොටුව දුම්රියපොළ ඉදිරිපිට

එන් ඒ ඩබ් නිරෝෂන්



පළාත් පාලන ආයත ඡන්ද විමසීමේදී තරුණයන්ට ලබාදෙන කෝටාව පළාත් සභා හා මහ මැතිවරණවලදී ද ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

අදට යෙදී ඇති ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව තරුණ තරුණියන් පිරිසක් සමඟ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටදී පත්‍රිකා බෙදා හැරීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ඡන්දය ලබාදීමට තරුණ තරුණියන්ට ඡන්ද පොළට යන ලෙස දැනුම්දෙන එම පත්‍රිකා බෙදා හැරියා.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ස්වාධීන අපේක්ෂකයන් සම්බන්ධයෙන් ද මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මෙහිදී අදහස් පල කළා.