Thursday, March 13, 2025

General line - 0115112241

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි

එන් ඒ ඩබ් නිරෝෂන්



ඉදිරි දින කිහිපය තුළදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුර සහ උතුරුමැද ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ චමින්ද ද සිල්වා පැවසුවේ.