Saturday, April 12, 2025

General line - 0115112241

වේවැල්දෙණියේ අනතුරකින් තිදෙනෙකු මරුට. තවත් තිදෙනෙකුට තුවාල



කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය හන්දිය ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් තවත් තිදෙනෙකු තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මාර්ගය අසල නතර කර තිබූ ලොරි රථයක පිටුපසින් පැමිණි ත්‍රීරෝද රථයක් ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ පුද්ගලයන් 06 දෙනෙකු සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.