Saturday, April 12, 2025

General line - 0115112241

පාර්ලිමේන්තුවෙන් මැතිවරණ කොමිසමට දැනුම් දීමක්



ර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර දෙකක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා.

ඒ, මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුර අහෝසි වීම හේතුවෙන්.

එම මන්ත්‍රීවරුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය විසින් ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා තීන්දු කළා.