Friday, March 14, 2025

General line - 0115112241

රිෂාඩ්ගේ තීරණය අනිද්දා

අමදෝරු අමරජීව



මෙවර ජනාධිපතිවරණයේදි සහාය පළ කරන්නේ කාටදැයි අනිද්දා ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කර තිබෙනවා.

එම කොංග්‍රසයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් අබ්දුල්ලා මහරුප් පැවසුවේ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින්ගේ නායකත්වයෙන් රැස්වන උත්තරීතර මණ්ඩලයේදී එම තීරණය ගන්නා බවයි.

කොළඹ පක්ෂ මූලස්ථානයේදී අනිද්දා  පස්වරුවේ  උත්තරීතර මණ්ඩලය රැස්වන බව පක්ෂ ජාතික සංවිධායකවරයා පැවසූවා.

මේ අතර දිස්ත්‍රික් මට්ටමෙන් මෙම දිනවල පැවැත්වෙන පක්ෂ දිසා සමුළුවලදී පාක්ෂිකයන්ගේ මතයටද අවධානය යොමු කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.