Friday, March 14, 2025

General line - 0115112241

ජනපති ළඟට නොගිය පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත අරමුදල් කැපේ



ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම ලබන 14 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. 

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සඳහා එක් වූ සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව ක්‍රියාත්මක විනය ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පැවසුවේ.

සිය පක්ෂයට එල්ලවන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.