Friday, March 14, 2025

General line - 0115112241

හරි වැඩපිළිවෙලක් නැති වුනොත් තවත් අවුරුද්දකින් අර්බුදයක්



තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පැහැදිලි වැඩපිළිවෙළක් සමග බව මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

ඔහු කියා සිටියේ ශක්තිමත් වැඩපිළිවෙළක් නොමැති වුවහොත් කුමන අපේක්ෂකයෙක් බලයට පත් වුවද තවත් වසරක් යන විට යළි අර්බුදයක් මතු වන බවයි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටද තමාට සහය දැක්විය හැකි බවයි ඔහු මෙහිදී පැවසුවේ. 

මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක් වෙමින්.