Monday, April 14, 2025

General line - 0115112241

ජනාධිපතිවරණයට නාම යෝජනා භාර දීම අවසන්



ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දීමේ කටයුතු මේ වන විට අවසන් වී තිබෙනවා.

ඒ, මැතිවරණ මහලේකම් කාර්යාලයේදීයී.

මේ වන විට ආරම්භ වී ඇත්තේ විරෝධතා ගොනු කිරීමේ කාලයයි. විරෝධතා ගොනු කිරීම අද පෙරවරු 11යි 30ට අවසන් වනවා.

ඉන් අනතුරුව ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින් පිළිබද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීමේ සජීවී දර්ශන නෙත් නිවුස් අපගේ යූ ටියුබ් නාලිකාවට පිවිස දැන් නැරඹිය හැකියි.