Monday, April 14, 2025

General line - 0115112241

අමාත්‍ය ධුර තුනක් සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්



අමාත්‍ය ධුර තුනක් සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු, කම්කරු හා විදේශ රැකියා යන අමාත්‍ය ධූර සම්බන්ධයෙන්.

අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ අදාළ අමාත්‍යංශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට ගෙන ඇති බවයි. 

මෙම අමාත්‍ය ධුරවල මීට පෙර කටයුතු කළේ හිටපු අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දුයි.

සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධූර හොබවනු ලැබුවේ හරීන් ප්‍රනාන්දු විසින්.

කම්කරු හා විදේශ රැකියා යන අමාත්‍ය ධූරය මනූෂ නානායක්කාර විසින් හොබවනු ලැබුවා.

කෙසේවෙතත් ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහිමි වීමත් සමඟ එම අමාත්‍ය ධුරයන් පුරප්පාඩු වුණා.