Thursday, May 2, 2024

General line - 0115112241

ජිනීවා සැසියට සමගාමීව ‘අතුරුදන්’ කාර්යාලයත් වැඩ අරඹයි




අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා පිහිටුවීමට නියමිත කාර්යාලයේ කටයුතු ජීනිවා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව සිදු වන බව රජය පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන සඳහන් කළේ ක්‍ෂේත‍්‍ර කිහිපයක ප‍්‍රවීණයන්ගේ දායකත්වය ඇතිව මෙම කාර්යාලය පිහිටුවන බවයි. මීට අදාළ තවත් අනුනීති රෙගුලාසි පැනවීමට ඇති බවත් ඒවාද ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුව විසින් පනවනු ඇති බවත් පැවසුවා.

මෙම කාර්යාලය සඳහා මානව හිමිකම්, නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සහ ආරක්ෂක අංශයේ ප්‍රවීණයින් අවශ්‍ය බවත් සඳහන් කළා.