Thursday, May 16, 2024

General line - 0115112241

බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියාවේ පාසල් 100ක් හදිසියේ වැසේ




ඉන්දියාවේ දිල්ලි අගනුවර බෝම්බ බියක් හේතුවෙන් පාසල් 100ක් හදිසියේ වසා දමා තිබෙනවා.

බෝම්බ ඇති බවට ඊ මේල් පණිවිඩයක් ලැබී තිබූ අතර වහාම ක්‍රියාත්මක වූ බලධාරීන් සිසුන් දහස් ගණනක් කඩිනමින් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

පාසල්වලට පමණක් නොව දිල්ලියේ ඇතැම් රෝහල්වලටද මෙම ඊ මේල් පණිවිඩ ලැබී තිබුණා. 

පසුව අදාළ ප්‍රදේශයේ පුළුල් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ, පොලිස් නිල සුනඛ කණ්ඩායම්, බොම්බ නිශ්ක්‍රීය අංශ සහ ගිනි නිවන සේවාද යොදා ගනිමින්.

එහෙත් බලධාරීන්ට කිසිවක් සොයාගත නොහැකි වූ අතර පසුව ඉන්දීය බලධාරීන් පැවසුවේ මෙම බෝම්බ තර්ජනය ව්‍යාජ එකක් බවයි.