බොරැල්ල ඩී එස් හංදිය අසල ටිකල් පාර ආසන්නයේ මාර්ගය ගිලා බැසීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනය නැවත දැනුම් දෙන තුරු සීමා කර තිබෙනවා.
අදාළ මාර්ගය යථාවත් කිරීම සඳහා අද සිට දින 20ක කාලයක් ගත වන බවයි කොළඹ මහනගර සභාව විසින් දැනුම් දී ඇත්තේ.
ඒ අනුව එම මාර්ගයේ කොළඹට ඇතුළු වන මංතීරු දෙකම වසා දමා සංවර්ධන කටයුතු ආරම්භ කර තිබෙනවා.
මේ හේතුවෙන් දෛනිකව අලුයම 05යි 30 සිට පෙරවරු 11 දක්වාත් රාත්‍රී 11 සිට පසුදින අලුයම 05යි 30 දක්වාත් සැලසුම් දෙකක් යටතේ රථවාහන ධාවනය කරවීමට පියවර ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඒ අනුව අලුයම 05යි 30 සිට පෙරවරු 11 දක්වා මොඩල්ෆාම් හන්දිය දෙස සිට ධාවනය වන රථවාහන මොඩල්ෆාම් හන්දියෙන් කොළඹින් පිටවන මංතීරු ඔස්සේ ගමන් කර කැණීම් සිදු වන ස්ථානය පසුකර නැවත කොළඹට ඇතුළු වන මංතීරුවට ඇතුල් විය හැකියි.
එමෙන්ම ඩී එස් හන්දිය දෙස සිට මොඩල්ෆාම් හන්දිය දෙස සිට ධාවනය වන රථවාහන ටිකල් පාර හන්දිය දක්වා පැමිණ කොටාපාර දෙසට හරවා ධාවනය කළ හැකි බවද පොලීසිය පැවසුවා.
කොටා පාරෙන් පැමිණෙන රථවාහනවලට ටිකල් පාරට ඇතුළු කිරීමට ඉඩ ලබා නොදෙන බැවින් විකල්ප මාර්ග භාවිත කළ යුතු වනවා.
මේ අතර රාත්‍රී 11 සිට පසුදින අලුයම 05යි 30 දක්වා කාලය තුළ මොඩල්ෆාම් හන්දිය දෙස සිට ඩී එස් හන්දිය දෙසට ධාවනය වන රථවාහන බෞද්ධාලෝක මාවත ඔස්සේ කනත්ත වටරවුම හරහා ධාවනය කළ හැකියි.
ඩී එස් හන්දිය දෙස සිට මොඩල්ෆාම් හන්දිය දෙසට එම කාලය තුළ ධාවනය වන රථ වාහනසාමාන්‍ය පරිදි ධාවනය කළ හැකි බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.