Saturday, March 15, 2025

General line - 0115112241

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 140ක්



ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 140ක් පමණ ලැබී ඇති බව පැෆරල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපළ භාවිත කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති බවයි.

මේ අතර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 631ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.

ඒ, පසුගිය ජූලි 31 වනදා සිට පසුගිය 18 වනදා දක්වා වූ කාලය තුළයි.

ඉන් පැමිණිලි 607ක් ලැබී ඇත්තේ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළවයි.

ප්‍රචන්ඩ ක්‍රියාවලට අදාළව එක් පැමිණිල්ලක් ද වෙනත් පැමිණිලි 23ක් ද ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

මුළු පැමිණිලි 631න් 346ක්ම ලැබී ඇත්තේ ජාතික මැතිවරණ පැමිණීලි කළමණාකරණ මධ්‍යස්ථානය වෙත බවද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.