Saturday, March 15, 2025

General line - 0115112241

නිකිණි පෝදා පුරා වස්තු සොයා කැණීම් සිදුකල හිමිනමක් ඇතුළු 06 දෙනෙකු අත්අඩංගුවට



මොරගොඩ පොලිස් වසමේ වී බැද්ද පුරාණ ආරණ්‍ය සේනාසනයේ පුරා වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ හිමිනමක් ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිකිණි පුර පසලොස්වක පොහොය යෙදී තිබූ ඊයේ පස්වරුවේ එම සැකකරුවන් අදාළ ස්ථානයේ කැණීම් කරන බවට ලද තොරතුරක් මත මොරගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින් එම ස්ථානය වටලා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

අත්අඩංගුවට ගත් හිමිනම වයස අවුරුදු 40ක් වන වී බැද්ද පුරාණ ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ හිමිනමක් බවද පොලිසිය පැවසුවා.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් ආඬියාගල සහ අගලවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් මොරගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.