Saturday, March 15, 2025

General line - 0115112241

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

එන් ඒ ඩබ් නිරෝෂන්



බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ. 

මේ අතර දැනට පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් එළඹෙන 22 වනදායින් පසුව අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසුවේ.


ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක.