Sunday, April 13, 2025

General line - 0115112241

පාකිස්තාන පාර්ලිමේන්තුව මීයන්ගෙන් පිරෙයි - එලවන අයෙකුට ලක්ෂ 12ක්



මීයන් නිසා පකිස්තානයේ පාර්ලිමේන්තුවට දැඩි ගැටලුවක් මතුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ බොහෝ කාමරවල වහලයේ මී ගහණය ඉතා ඉහළ බවයි.

මේ හේතුවෙන් දෛනික කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයිද සඳහන්. 

මෙම උවදුර උත්සන්න වීම හේතුවෙන් මීයන් ඉවත් කිරීම සඳහා රුපියල් මිලියන 1යි දශම 2ක මුදලක් වාර්ෂික අයවැයෙන් වෙන් කිරීමටයි තීරණය කර ඇත්තේ.

මෙම ගැටලුව පවතින්නේ 2008 සිට බවටයි දැන් වාර්තා වන්නේ.

මීයන් පලවා හැරීම සඳහා පළිබෝධ පාලන සමාගමක් සොයා ගැනීමට පාකිස්තාන පුවත්පත් කිහිපයක දැන්වීම් ද පළ කර තිබුණා.

එහෙත් මේ දක්වා ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ දෙදෙනෙකු පමණි.