Monday, April 14, 2025

General line - 0115112241

මැතිවරණ පැමිණිලි 771ක් දක්වා ඉහළට



2024 ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 771ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ පස්වරු 04යි 30න් අවසන් වූ පැය 24ක කාලය තුළ දී පැමිණිලි 54ක් ලැබී ඇති බවයි එම කොමිසම පැවසුවේ.

එම සියලුම පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන්වලට අදාළ ඒවායි.

ඒ අනුව මේ දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන්වලට අදාළව ලැබී ඇති මුළු පැමිණිලි ගණන 747ක්. වෙනත් පැමිණිලි 23ක් සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් එක් පැමිණිල්ලක් මේ දක්වා කාලය තුළ ලැබී ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.