Saturday, March 15, 2025

General line - 0115112241

තැපැල් ඡන්දයට කුරුණෑගලින් වාර්තාවක්



මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට පුද්ගලයින්  හත් ලක්ෂ 12,319 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව වැඩිම පිරිසක් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්.

එම දිස්ත්‍රික්කයෙන් රාජ්‍ය සේවකයින් 76,977 දෙනෙකු තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

මහනුවර දිස්ත්‍රික්කයෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති පිරිස 55,797ක්.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 55,191 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 52,486 දෙනෙකු ද මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුදුගලයින් 35,636 දෙනෙකු ද සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවා.