Sunday, May 4, 2025

General line - 0115112241

මිලියන 212ක් වටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට



ඉතාලියේ සිට කොළඹ පිහිටි භාණ්ඩ නිෂ්කාශන ආයතනයක් හරහා එවන ලද තෑගි පාර්සලයක තිබී හෂීෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 30ක් සොයාගෙන තිබෙනවා.

ඒ, රේගු ආදායම් අධීක්ෂණ ඒකකය විසින්. අත්අඩංගුවට ගත් එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 212ක් පමණ වන බවයි අනාවරණ වී ඇත්තේ.

සිද්ධියට අදාළව එක් සැකකරුවෙකුද අත්අඩංගුවට ගත් බවයි රේගු ආදායම් අධීක්ෂණ ඒකකය පැවසුවේ.

සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් ක්‍රියාත්මකයි.