Sunday, April 13, 2025

General line - 0115112241

එංගලන්තයට එරෙහිව කමිඳු මෙන්ඩිස්ගෙන් ටෙස්ට් ශතකයක්



සිය තුන්වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට කමිඳු මෙන්ඩිස් අද සමත් වුණා.

ඒ, එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉණිමේදීයි.

කමිඳු මෙන්ඩිස් මේ වනවිට නොදැවී රැස්කර සිටින ලකුණු සංඛ්‍යාව 109ක්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම  මේ වනවිට දෙවන ඉණිම සඳහා කඩුළු 06ක් දැවී ලකුණු 299ක් රැස් කරගෙන සිටිනවා.

ශ්‍රී ලංකාව පළමු ඉණිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 236ක්.

ඊට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම පළමු ඉණිමට ලකුණු 358ක් රැස් කළා.    

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ලකුණු 177ක් ඉදිරියෙන් සිටිනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.