Saturday, March 15, 2025

General line - 0115112241

පකිස්තානයේ බෝම්බ පිපිරීමකින් දරුවන් දෙදෙනෙකු මරුට



පකිස්තානයේ බලෝකිස්තානයේ පිෂින් දිස්ත්‍රික්කයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් ඊයේ ළමුන් දෙදෙනෙකු සහ කාන්තාවක් මිය ගොස් තිබේ.

එරට මාධ්‍ය පැවසුවේ පිපිරීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 13 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ප්‍රධාන වෙළඳපොලක් ආසන්නයේ පිපිරීම සිදුව ඇති බව බලධාරීන් පවසයි.

පොලිස් නිලධාරීන් පිරිසක් ඉලක්ක කර ප්‍රහාරය එල්ල කරන්නට ඇති බව පැවසේ.

පොලිස් නිලධාරීන් සහ මුරපොලවල් ඉලක්ක කර විශේෂයෙන් කයිබර් පක්තුන්ක්වා සහ බලෝකිස්තානයේ මෑතක සිට ත්‍රස්ත ප්‍රහාර මාලාවක් එල්ල වෙමින් තිබේ.

පකිස්තානයේ තහනම් කර ඇති Tehreek-i-Taliban Pakistan (TTP) විසින් 2022 දී රජය සමඟ එළඹුනු සටන් විරාම ගිවිසුමක් බිඳ දමා ආරක්ෂක හමුදා ඉලක්ක කිරීමට ප්‍රතිඥා දීමෙන් පසුව ප්‍රහාර උත්සන්න වී ඇත