Tuesday, April 15, 2025

General line - 0115112241

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නාමයෝජනා භාර ගැනීමට දින නියම වෙයි



ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති සහ සභිකයින් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද සිට සිදු කෙරෙනවා.

ඒ අනුව ඇප මුදල් තැන්පත් භාර ගැනීම සැප්තැම්බර් 11 වනදා මධ්‍යහන 12 දක්වා සිදු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

නාම යෝජනා භාර ගැනීම සැප්තැම්බර් 09 වනදා සිට සැප්තැම්බර් 12 වනදා දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවා.