Sunday, March 16, 2025

General line - 0115112241

කෝටි 04ක භාණ්ඩ සමඟ කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු කටුනායකදී CID අත්අඩංගුවට

ටී කේ ජී කපිල



නීති විරෝධීව සහ අනවසරයෙන් මෙරටට රැගෙන ආ භාණ්ඩ තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින්.

ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ඔවුන් ව්‍යාපාරිකයන් සදහා කටුනායක ගුවන් තොටුපොළ තුළ  වෙන් කර ඇති “රක්ත මාවත” ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටවී යමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඔවුන් දෙදෙනාගේ ගමන් මලු තුළ තිබී මෝටර් රථ අමතර කොටස් , චන්ද්‍රිකා රූපවාහිනී උපාංග, මත්පැන් බෝතල් 47ක් සහ විදෙස් දුම්වැටි තොගයක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි අවසරයකින් තොරව රැගෙන විත් තිබූ සැත්කම් පිහි 1,100 ක්, ඉන්දීය කෝපි පැකට් 2,220 ක්, රාත්‍රී ආලේපන ඇසුරුම් 100 ක් ද සොයාගෙන තිබෙනවා.

එම භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් කෝටි හතරක් පමණ වනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි ඥාතීත්වයෙන් සහෝදරයෙකු සහ සහෝදරියෙකු වන දෙදෙනෙක්.