Sunday, March 16, 2025

General line - 0115112241

ඉන්දීය යුද නෞකාවක් දිවයිනට



ඉන්දීය නාවික හමුදාවට අයත්ිෂභී ඵමපඉ්ස’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද කොළඹ වරාය වෙත පැමිණියා.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගනු ලැබුවා.

දිගින් මීටර් 163ක් හා නැව් මුළුව 410කින් එම නෞකාව සමන්විතයි.

එම යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිත බවයි නාවික හමුදාව පැවසුවේ.

නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරිත්වය පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් නෞකාව තුළදී පැවැත්වීමටද නියමිතයි.ිෂභී ඵමපඉ්ස’ යුද නෞකාව ලබන 29 වනදා දිවයිනෙන් පිටත්ව යන බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.