Thursday, May 29, 2025

General line - 0115112241

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ගේ පුත්‍රයා වන නදීන් බාෂික් අත්අඩංගුවට. 



ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ගේ පුත්‍රයා වන නදීන් බාෂික් වැල්ලවත්ත පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන්තොටුපලේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණීමේදීයි. ඉකුත් පෙබරවාරි මස 16 වන දින අනතුරක් සිදු කර පලා යාමට අදාළව සහ මිනීමැරිමක් කිරීමට තැත් කර පලා යාම සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.