Sunday, March 16, 2025

General line - 0115112241

පාස්පෝට් ගැටලුව ඔක්තෝබර් 16 වනදා තෙක්



විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති අර්බුදය ඔක්තොබර් 16 වනදායින් පසුව අවසන් වන බව විදේශ කටයුතු අමාත්‍ය අලිසබි්‍ර පවසනවා.

ඔහු කියා සිටියේ විදෙස් ගමන් බලපත්‍ර ගැටලුව හේතුවෙන් ජනතාව පීඩාවට පත්වීම සම්බන්ධයෙන් තමන් කණගාටුව ප්‍රකාශ කරන බවයි.

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී දෛනිකව නිකුත් කරන සංඛ්‍යාව දහසකට සීමා කර ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ඉන් ගමන් බලපත්‍ර 750ක් නිකුත් කෙරෙන්නේ පැමිණෙන පිළිවෙළ අනුවයි. විදෙස් රටවල සිට ඉල්ලුම් කරන පුද්ගලයින් සඳහා ඉතිරි 250 වෙන් කර තිබෙනවා.

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ඉකුත් දින කිහිපයේ දැඩි ගැටලුකාරී තත්ත්වයක් මතු වුණා.

මෙම තත්ත්වය මතුවීමට ප්‍රධාන හේතුව වී තිබුණේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතු හිස් විදෙස් ගමන් බලපත්‍ර සීමිත වීමයි.

එබැවින් ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය අවට දින කිහිපයක් තිස්සේ දිගු පෝලිම් දක්නට ලැබුණා. 

ඇතැම් පිරිස් වෙත දින කිහිපයක් නිදි වර්ජිතව පෝළිම්වල රැඳී සිටීමට පවා සිදුවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මෙම ගැටලුකාරී තත්ත්වය නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍රය හඳුන්වාදෙන තෙක් ඔක්තෝබර් මාසය දක්වා මෙම තත්ත්වය පවතිනු ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.