Sunday, April 13, 2025

General line - 0115112241

විෂ මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම යටතේ තවත් 657 දෙනෙකු අත්අඩංගුවට



විෂ මත්ද්‍රව්‍ය වැටලීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමේ දෙවන අදියර යටතේ ඊයේ දිනය තුළ තවත් වැටලීම් 657ක් සිදු කර තිබෙනවා.

එම වැටලීම්වලට අදාළව සැකකරුවන් 649 දෙනෙකු සහ සැකකාරියන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 13 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබා ගැනීමටත් සැකකරුවන් 04 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමටත් නියමිතයි.

මෙම මෙහෙයුම යටතේ බස්නාහිර පළාත තුළ පමණක් වැටලීම් 389ක් සිදු කර තිබෙනවා.

එම වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 75ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 172ක්, සහ ගංජා ග්‍රෑම් 164ක් පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.