Sunday, April 13, 2025

General line - 0115112241

නීති විරෝධී ඡන්ද පොස්ටර් සහ කටවුට් ඉවත් කිරීමට කම්කරුවන් 1,500ක් බඳවා ගැනේ

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන



ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ නීතිවිරෝධී පොස්ටර් සහ ප්‍රචාරක පුවරු එක් ලක්ෂ හැටනව දහසකට අධික ප්‍රමාණයක් මේ වන විට ඉවත් කර ඇති බව පොලීසිය පවසනවා.

මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට පැවසුවේ නීතිවිරෝධි ප්‍රචාරක පුවරු ඉවත් කිරීම සඳහා කම්කරුවන් 1,500කට ආසන්න පිරිසක් බඳවාගෙන ඇති බවයි. 

එක් එක් අපේක්ෂකයින්ට ඡන්ද කාර්යාල පිහිටුවීමට නීතියෙන් ඉඩ සලසා ඇති ආකාරය පිළිබඳවද මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙලෙස කරුණු පැහැදිලි කළා.