Monday, March 17, 2025

General line - 0115112241

මන්කිපොක්ස්වලින් ආරක්ෂාව සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලෙස වෛද්‍ය සංගමයකින් ඉල්ලීමක්



මන්කිපොක්ස් රෝගීන් දිවයිනට ඇතුළු වීම වැළැක්වීම සඳහා කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

යම් සැකකටයුතු රෝගීන් දිවයිනට පැමිණියහොත් ඔවුන් හඳුනා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ.

මේ වනවිට පකිස්ථානයෙන් ද මන්කිපොක්ස් රෝගීන් වාර්තා වී ඇති බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.