Tuesday, March 18, 2025

General line - 0115112241

ජනපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා අද තැපෑලට



ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා තැපැලට අද දිනයේ භාරදෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

එමෙන්ම ඡන්ද පත්‍රිකා ද මේ වනවිටත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ලබාදෙමින් සිටින බවයි ඔහු පැවසුවේ.


මේ අතර තැපැල් දෙපාර්තමේන්තුව විසින් භාර ගන්නා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගමනාන්ත කාර්යාලය වෙත අද දිනයේ බෙදා හරින බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවේ.