Tuesday, March 18, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද ජනතාවට



සිය ප්‍රතිපත්තිමය ඉලක්ක සහ නවීකරණ වැඩපිළිවෙල ඇතුළත් ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් පෙරවරු 10ට කොළඹදී ජනතාව වෙත එය පිළිගැන්වීමට නියමිත බවයි එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පැවසුවේ. 


්සමස්ත පොදු ජනතාව ඉලක්ක කරගනිමින් ආර්ථික පුනුරුද වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඇතුළත් බවද මන්ත්‍රීවරයා පැවසුවා.