Sunday, May 25, 2025

General line - 0115112241

යුද හමුදා සෙබලුන් 08 දෙනෙකු බණ්ඩාරවෙලදී අත්අඩංගුවට



කලහකාරී ලෙස හැසිරුණු යුද හමුදා සෙබළුන් 08 දෙනෙකු බණ්ඩාරවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම යුද හමුදා සෙබළුන් බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ තැපැල් දුම්රිය තුළදී සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය තුළදී කලහකාරී ලෙස හැසිරී ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඒ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව එම යුද හමුදා සෙබළුන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුදල් පසුම්බියක් මුල්කර ගනිමින් ඔවුන් එලෙස කලහකාරී ලෙස හැසිරී ඇති බවයි පොලිසිය පැවසුවේ.

අදාළ යුද හමුදා සෙබළුන් දියතලාව යුද හමුදා පීඨයට අනුබද්ධ සෙබළුන් බවටයි අනාවරණ වී ඇත්තේ.