Friday, May 23, 2025

General line - 0115112241

පැරා ඔලිම්පික් ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාවෙන් ලෝක වාර්තාවක්



පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වෙන් ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් කොඩිතුවක්කු සමත් වී තිබෙනවා.

ඒ, පැරිස් 2024 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදීයි.

එහිදී පිරිමි හෙල්ල විසිකිරීම F64 ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමිත දුලාන් කොඩිතුවක්කුට හැකි වුණා.

ඒ, මීටර 67.03 ක පුද්ගලික හොඳම දුරක් සමඟින්.

F44 කාණ්ඩයේ මීටර් 66.49ක පුද්ගලික හොදම දුරක් සමගින් මීට පෙර ඔහු තැබූ ලෝක වාර්තාව සමිත දුලාන් කොඩිතුවක්කු මෙලෙස බිඳ දමා තිබෙනවා.