Wednesday, March 19, 2025

General line - 0115112241

ප්‍රදේශ රැසකට නීති විරෝධී මත්පැන් බෙදාහැරි නිෂ්පාදනාගාරයක් වටලයි

සම්පත් කුලරත්න



කළුතර, දොඩංගොඩ, මතුගම ඇතුළු ප්‍රදේශ රැසකටම නීති විරෝධී මත්පැන් බෙදා හරින ලද මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක්  දොඩංගොඩ පොලීසිය විසින් වටලා තිබෙනවා.

කළුතර සේරුපිට ප්‍රදේශයේ ළදු කැලෑවක ඉතා සූක්ෂම ලෙස දීර්ඝ කාලයක් තිස්සේ එය පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම මත්පැන් නිෂ්පාදනාගාරයේ තිබී ගෝඩා, නීති විරෝධී මත්පැන් සහ එම මත්පැන් ජාවාරම සඳහා භාවිතා කළ උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු සහ තවත්    සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.