Wednesday, March 19, 2025

General line - 0115112241

මියගිය තල්මසුකුගේ මළ සිරුරක් පානදුර වෙරළ තීරයට



පානදුර වෙරළ තීරයට මියගිය තල්මසෙකුගේ මළ සිරුරක් ගොඩ ගසා ඇති බව පානදුර දකුණ පොලිසිය පවසනවා.

මෙම සත්වයා අඩි 15කින් පමණ දිගින් යුක්ත වන අතර,  අද උදෑසන පානදුර මෝයකට ආසන්නේ ආසන්නයේ රැඳී සිටින බවට පානදුර  ජීවිත ආරක්ෂක නිලධාරීන් දැක ඒ පිළිබඳව පානදුර දකුණ පොලිසිය දැනුවත් කොට තිබෙනවා.

පානදුර දකුණ පොලිසිය වනජීවී කාර්යාලය දැනුවත් කොට ඇති බවත් ,සත්වයාගේ ශරීරයේ සීරිම් තුවාල කිහිපයක් දක්නට ලැබෙන බවත් දැනුවත් කර තිබුනා.

වනජීවී කාර්යාලයේ සහ පානදුර  දකුණ පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.